Internet යන්න Android Phone එක Wi-Fi Router (Wi-Fi Hotspot) එකක් කරගන්න.


මේවා තමයි වාසි

  • මේ විදිහට Internet යන්න Data cable, Software ඕනෙ නෑ.
  •  Computer එකකට වැඩි ගානකින් Internet යන්න පුලුවන්.
  • Computer විතරක් නෙමෙයි, තව Smart Phone, Tablet PC වගේ ඕනෙම Wi-Fi තියන Device එකක් Connect කරන්න පුලුවන්
  •  දැන් ගොඩක් Android OS එක තියන Phone වල HSDPA Internet Speed එක 3.6Mbps , 7.2Mbps විතර තියනවා. මේ විදිහට ඒකක් Connect කරොත් HSDPA Dongle එකකින් Internet යනවා වගේ.

මේවා තියෙන්න ඕනේ

  •  ඔයාගේ Computer එකේ Wi-Fi Card එකක්. Laptop වල නම් තියනවා. Desktop එකකට මේ වැඩේ කරනවානම් External Wi-Fi Card එකක් හයිකරගන වෙනවා. External Wi-Fi Card එකක් Ebay එකෙන් Rs 500 කට විතර ගන්න පුලුවන්
  •  Phone එකේ 3G, HSDPA, 4G තිබ්බොත් හොඳයි, නැත්තන් Internet හරිම Slow
  •  Phone එකේ Internet Settings හරියට තියෙන්න ඕනේ. ඒ කියන්නෙ Phone එකෙන් Internet යන්න පුලුවන් වෙන්න ඕනේ.

එහෙනම් පටන්ගමු


Menu එකට ගිහින් Settings තෝරන්න 



Wireless and networks තෝරන්න.




Tethering and portable hotspot තෝරන්න.


Configure portable Wi-Fi hotspot තෝරන්න. 



Network SSID කියන එකට කැමති නමක් දෙන්න. මේ නම හමයි ඔයාගේ Computer එකේ Wi-Fi Hotspot Name එක විදිහට පෙන්නනේ.


යට තියන Security කියන එකට යන්න. මේක හරි වැදගත්. හරියටම තේරුම් ගන්න.
Open කියලා එකකුයි WPA2 PSK කියලා එකකුයි එනවා.


Open - මේක Select කරලා Wi-Fi Hotspot එකක් හැදුවොත් Connect වෙන්න Password එකක් අහන්නේ නෑ. ඕනෙ කෙනෙකුට Internet යන්න පුලුවන්. ඒක හින්දා මේක Select කරන්න එපා.

WPA2 PSK  -   මේක Select කරොත් යටින් Password එකක් දෙන්න කියලා ඉල්ලනවා. ඔයා හදන Wi-Fi Hotspot එකට Connect වෙනවානම් මේ Password එක දෙන්න ඕනේ. Password එක දන්නේ නැත්නම් Connect වෙන්න බැහැ. මේක තමයී අපි තෝරන්න ඕනේ. නැත්නම් ඕනෙ කෙනෙක් ඔයාගෙ Phone එකෙන් නිකන්ම Internet යයි. Password එකට අකුරු, ඉලක්කන් 8 හෝ වැඩි ගානක් දෙන්න ඕනේ.


Save කරන්න.

Portable Wi-Fi hotspot කියන එකේ හරිය දාන්න. වැඩේ ඉවරායි.
Phone එකේ Data Off කරලා තියනවානම් දැන් On කරන්න.
දැන් ඔයාගේ Computer එක්කේ Wi-Fi On කරලා ඔයා හදපු Hotspot එක තියනවාද බලන්න.


ඔයාගේ වටිනා අදහස් තියනවානම් යටින් ලියලා යන්න. ඒවා මට ගොඩක් වැදගත්. කැමති නම් Like එකකුත් දාන්න.

No comments:

Post a Comment