PicHide : පින්තුරයක් අස්සේ File එකක් හන්ගන්න



අනේ මන්දා, මට එක පාරටම මේ වහේ Software එකක් හදන්න හිතුණා.
   

මේකෙන් මේවා කරන්න පුලුවන්


  • .zip, .rar. 7z........වගේ Compressed file එකක් පින්තුරයක් අස්සට දාන්න පුලුවන්.
  • එහෙම දැම්ම පින්තූරයක් Double click කරලා open කලාම normal පින්තූරයක් open වෙන විදිහටම open වෙනවා. ඒක open වෙන්නෙත් ඔයාගේ default picture viewer එකෙන්.
  • දන්නේ නැත්නම් ලේසියෙන් file එකක් මේ පින්තුරය අස්සේ තියනවා කියලා හොයාගන්න බෑ.
  • Password එකක් දාන්නත් පුලුවන්.
  

 

මේකෙ වැඩ කරන්න මේවා ඕනේ. 

  •  Windows XP,Vista,7,8
  •  Java virtual machine. (Java වලින් තමයි මේක හැදුවේ )
  •  Compressing software එකක් WinRar, 7zip, WinZip..... වගේ ඕනෙ එකක්.


එහෙමනම් හන්ගන්න පටන්ගමු.

1. මගේ ලඟ මෙහෙම text file එකක් තියනවා. ඒක මට හන්ගන්න ඕනේ.


2. මුලින්ම ඒක Compress කරගන්න. මම නම් පාවිච්චි කරේ WinRar. ඔයාට කැමති එකක් පාවිච්චි කරන්න පුලුවන්.


Password එකක් දාන්න ඕනේ නම් Compress කරනකකොට දාන්න.

3. මේ පින්තූරය අස්සට තමයි කලින් Compress කරපු secret.zip file එක දාන්න යන්නේ.


1. PicHide Sofware එක open කරන්න. සමහර Windows 7, 8 Version වල මේක Administrator විදියට Run කරන්න ඕනේ. PicHide Right Click කරලා Run as administrator click කරන්න. Download link එකක පහල තියනවා.

2. “Select file” කියන එකට ඔයාගේ Compressed (මගේ එකේ හැටියටනම් secret.zip) file එක තෝරන්න. Folder හෝ File ගොඩක් තියනවානම් ඒවා එක File එකක් විදිහට Compress කරගන්න.

3. “Select picture to hide file” කියන එකට පින්තූරයක් තෝරන්න.

4. “Start “ Click කරන්න.


1 files(s) copied. කියලා Log Window එක්කේ පෙන්නනවානම් වැඩේ හරි. මේ ඉදිහට ඔයා Select කරපු පින්තූරය Compressed file එක තියන folder එකේම හැදිලා තියෙයි. ඊතලෙන් පෙන්නලා තියන පින්තූරයෙ අස්සේ තමයි අපේ secret.zip file එක තියෙන්නේ. මේක Double click කරලා බලන්න. මොනවත් වෙනසක් නැතුව පින්තූරය open වෙනවා. 




පින්තූරය ඇතුලේ තියන file එක ආපහු ගන්නත් ඕනෙනේ.

පින්තූරය ඔයාගේ Compression software එකෙන් open කරගන එක විතරයි තියෙන්නේ.

1 ක්‍රමය

        1. ඒ පිතුරය Right click කරන්න.

        2. Open with click කරන්න.

        3. ඔයාගේ Compression software එකෙන් open කරගන. මගේ නම් තියෙනේ WinRar. 


2. ක්‍රමය

        ඔයාගේ Compression software එක ඇතුලෙන් ගිහින් මේ පින්තූරය Select කරන්න.

 

Download Free

ඔයාගේ අදහස් තියනවානම් යටින් ලියලා යන්න. ඒවා මට ගොඩාක් වැදගත්. ඒවාගෙන් තමයි අපි වගේ අය තවත් මේ වගේ Software හදන්න දිරිමත් වෙනෙනේ. Thank you. 


8 comments: