දැන් අපේ කට්ටිය Ubuntu දාන්න පටන් අරන්නේ. තවම අපිට ඒකේ ඉගනගන්න ගොඩාක් දේවල් තියනවා. Ubuntu යි Windows යි දාලා තියන අයට තියන ගැටලුවක් තමයි මේ Computer එක On වෙනකොටම එන OS Select කරන්න එන Menu එක. මේකට කියන්නේ GRUB (GRand Unified Bootloader). මුලින්ම Select වෙලා තියෙන්නේ Ubuntu. තත්පර 10 කින් මේ පලවෙනියටම තියන Ubuntu වලින් Boot වෙන්න පටන් ගන්නවා. හැමදාම Ubuntu පාවිච්චි කරන , Windows නිකන් Test කරන්න දාගෙන ඉන්න අයටනම් මේක හොඳයි. ඒත් ඔයාගෙ Primary OS එක Windows නම් මේක මහ වදයක්. අපි බලමු කොහොමද Windows පලවෙනියට දාගන්නෙ කියලා.