පරිගණකයක් නොමැතිව Computer Power Supply එකක් ක්‍රියාකරවීම

Computer Power Supply එකකට නිකන් Power එක දුන්නාට ඒක වැඩ කරන්නේ නැහැ. Mother Board එකකට හයිකරපු ගමන් වැඩ කරන්න පටන් ගන්නවා. අපි කරන්න යන්නේ පරිගණකයකට සම්බන්ධ නොකර මේක වැඩකරගන්නයි. මේක Electronic ගැන දාන පළවෙනි Post එක.



ඇයි අපි මෙහෙමෙ කරන්නේ…………..

· Power Supply එක වැඩ කරනවාද කියලා පරික්ෂා කරන්න පුලුවන්

· 3.3V, 5V, 12V වගේ ඒවාගෙන් ලොකු Ampere ගානක් ගන්න පුලුවන්





· Volt ගාන හරියටම හරි.

· ලොකු Ampere ගානක් එන නිසා Car Player වගේ ඒවාට Power එක දෙන්න පුලුවන්


මේ වැඩේට පොඩි Electronic දැනුමක් ඕනේ. ප්‍රධාන විදුලිය එක්ක වැඩකරන නිසා පරිස්සමෙන් වැඩ කරන්න. වෙන දේවල් වලට වගකිමක් ගන්නේ නැත.

පටන්ගමු

1. Power Supply එකට විදුලිය සැපයුම විසන්ධි කරන්න.

2. Power Supply එකේ තියන ලොකුම Conecter එක හොයාගන්න.



3. දැන්තමයි වැඩේ තියෙන්නේ. මේකේ Wire තියන විදිහ හොඳට බලන්න. මේකේ තියන Power Supply එක On කරන Wire එක හොයාගන්න ඕනේ.

       a. Power Supply එකේ අලවලා තියන Sticker එකේ ලියලා තියනවා

       b. 24 Pin Connecter එකක්නම් මේක 16 වෙනි Pin එක. ඒක ගනන් කරන හැටි පහළ රූපෙන් බලන්න.

       c. ගොඩක් වෙලාවට කොළ පාට Wire එකක් එන්නේ. (අනිත් Wire වලට නැති පාටක් තියන Wire එකක් ඇති )

එක එක Power Supply වල එක එක විදියට මේක වෙනස් වෙනවා. එතකොට ඉතින් තැනට සුදුසු නුවණ පාව්ච්චි කරන්න.


4. මේ Pin එකයි කලු පාට Wire එකක් එන Pin එකකුයි Wire කෑල්ලක් අරගෙන එකතු කරන්න.




5. Power Supply එක On කරන්න. වැඩේ හරිනම් Fan එක වැඩ කරන්න පටන්ගනී. ඒ කියන්නේ Power Supply එක වැඩ කරනවා.

වැඩ කරන්නේ නැතිනම් වෙන Pin එකක් එක්ක Try කරන්න. පොඩ්ඩක් හිතලා මේක Modify කරානම් Creative දේවල් හදන්න පුලුවන්. පහල තියන එක මට Internet එකෙන් හම්බවුනේ.



ඔයාලගේ අදහස් තියනවානම් යටින් ලියලා යන්න.

1 comment:

  1. This type of message always inspiring and I prefer to read quality content, so happy to find good place to many here in the post, the writing is just great, thanks for the post. 03WN11 Power Supply

    ReplyDelete