Webhost කොහොමද ? : 2 කොටස



කලින් Post එකකදී අපි Google Drive එකෙන් පුරුදු වෙන්න Web Host එකක් කරා. දැන් කරන්න යන්නේ ඇත්තම Web Host. මම මේකේ හැඳින්ව්මක් කරන්නේ නෑ. අමතක අය මේ Link එකට ගිහින් බලාගන්නකෝ.

Google drive එකෙන් Free Web Hosting : 1 කොටස

http://knowltofriend.blogspot.com/2014/07/google-drive-free-web-hosting.html


ඔන්න එහෙනම් පටන්ගත්තා........

මේකට ඕනෙ දේවල්

· පොඩි Web page එකක්. කලින් Post එකේ හැදුවා වගේ. (අමතක නම් උඩ Link එකට යන්න)

· ඉවසීම (Site එක හැදෙන්න ටික වෙලාවක් යනවා.)

· අලුත් දේවල් සෙවිමට ඇති කැමත්ත (මම කියන දේවල් ඒ විදිහටම නොකිරීම )


Google drive එකෙන් Free Web Hosting : 1 කොටස

මොකක්ද මේ Web Hosting කියන්නේ ?

ඒ කියන්නේ අපි හදන Web Site එක අනිත් අයට බලාගන්න පුලුවන් විදිහට Internet එකට දාන එක. තවත් විස්තර කරොත් අපේ Web Site එක Web Server එකකට Upload කරන එක.

දැන් අපි කරන්න යන්නේ එච්චර ලොකු වැඩක් නෙමෙයි. මේක කරන්නේ Web Host ගැන අදහසක් ගන්න විතරයි. ඒත් මේක වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගත්තොත් ලොකු දේවලුත් මේකෙන් කරන්න පුළුවන්.

 

 

මේ ක්‍රමයේ තියන වාසි / අවාසි 

 

වාසි

· මේක කරන්නේ Web Host ගැන ඉගනගන්න. ඒකට පොඩි තැනක ඉදලා පටන්ගන්න ඕනෙනේ.

· HTML, CSS, Java Script මේ ක්‍රමයෙන් Test කරන්න පුළුවන්.

· අපේ Files දාන්න ( Photoes, Zip, Audio, Video …… ) දාන්න ලොකු ඉඩක් දෙනවා. ( 15 GB විතර)

· Team එකක කට්ටියටම එකපාර එකම Web Site එක Develop කරන්න පුළුවන්.