CUDA Programming සිංහලෙන් (Parallel Programing ආරම්භය)






CPU සහ GPU


CPU

අපි වෙනදා ලියන program run වුනේ මෙතන. Instruction එකින් එක කුමක්හෝ පිලිවලකට  මේකේ තියන ALU එක මගින් execute කරනවා. Dual core හෝ quad core නම් ටිකක් හොඳයි, core ටික වැඩ බෙදාගෙන කරනවා. ඒත් වැඩිම වුනොත් cores 8ක් අපි පාවිච්චි කරන පරිගනක වල තියෙයි.



GPU – Graphic Processing Unit

මේක අපි ගොඩක්ම පාවිච්චි කරන්නේ game ගහන්න. ඒත් දැන් අපිට පුලුවන් මේක පාවිච්ච් කරලා parallel programs ලියන්න. මේකේ වෙනස තමයි මේකේ ALU ගොඩක් තියනවා. ඒවාට thread ගොඩක් එකපාර process කරන්න පුලුවන්. ඒ කියන්නේ වැඩ ගොඩක් parallel කරන්න පුලුවන්.