Google drive එකෙන් Free Web Hosting : 1 කොටස

මොකක්ද මේ Web Hosting කියන්නේ ?

ඒ කියන්නේ අපි හදන Web Site එක අනිත් අයට බලාගන්න පුලුවන් විදිහට Internet එකට දාන එක. තවත් විස්තර කරොත් අපේ Web Site එක Web Server එකකට Upload කරන එක.

දැන් අපි කරන්න යන්නේ එච්චර ලොකු වැඩක් නෙමෙයි. මේක කරන්නේ Web Host ගැන අදහසක් ගන්න විතරයි. ඒත් මේක වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගත්තොත් ලොකු දේවලුත් මේකෙන් කරන්න පුළුවන්.

 

 

මේ ක්‍රමයේ තියන වාසි / අවාසි 

 

වාසි

· මේක කරන්නේ Web Host ගැන ඉගනගන්න. ඒකට පොඩි තැනක ඉදලා පටන්ගන්න ඕනෙනේ.

· HTML, CSS, Java Script මේ ක්‍රමයෙන් Test කරන්න පුළුවන්.

· අපේ Files දාන්න ( Photoes, Zip, Audio, Video …… ) දාන්න ලොකු ඉඩක් දෙනවා. ( 15 GB විතර)

· Team එකක කට්ටියටම එකපාර එකම Web Site එක Develop කරන්න පුළුවන්.



අවාසි

· Server Side Languages ඒ කියන්නේ PHP වගේ ඒවා වැඩ කරන්නේ නැහැ.

· ඇත්තම Web Hosting වල තියන Mail Servers, SQL Servers, FTP Servers වගේ ඒවා මේකේ නැහැ.

· අපිට ලස්සන URL එකක් හම්බවෙන්නේ නැහැ. ඒ කියන්නෙ knowltofriend.blogspot.com වගේ එකක්වත් හම්බවෙන්නේ නැහැ.


ඇත්තටම Web Host කරන හැටි මම තව Post එකකින් දානවා. එතකොට අළුත් දේවල් ගොඩාක් දැනගන්න ලැබෙයි.




1. ඔයාගේ Web Site එක හදාගන්න. මම සරලම එකක් හැදුවේ. එකේ තියෙන්නේ Title ඒකයි Paragraph එකකුයි Picture එකකුයි විතරයි. මේකේ Picture එක මම වෙනම Folder එකකට දාලා තියනවා.

මෙන්න මම හදපු HTML File එක. ඔයාට ඕනෙ HTML File එකක් හදාගන්න. අපි තාම මේක Test කරන නිසා පොඩි එකක් හදාගන්න. pic කියලා Folder එකක් හදලා එකට pr.jpg කියලා Picture එකක් දාලා තියනවා. මම මේක කරන්නේ ඔයාට Basic HTML දැනුම තියනවා කියලා හිතාගෙන.





<html>


<head>

<title>Hello SriLanka With Knowledge</title>

</head>


<body>

<p>Hello World</p>

<br>

<p>Proud to be a Sri Lankan</p>

<br>

<img src="pic/pr.jpg">

</body>



</html>





මෙන්න මගේ Web Site එක.





අපිට ඕනෙ මේවා


1. මොකක්හරි Web Site එකක් Index.html කියලා ඒක හදාගන්න.

2. මොකක්හරි Picture එකක්. ( මගේ එක pr.jpg ) ඒක මම pic කියලා Folder එකකට දාලා තියනවා.

මේ ටික එක Folder එකකට දාලා තියාගන්න.





2. ඔයාගේ Google Drive එකට යන්න.

https://drive.google.com/

මේ Site එකට ගියාම Google Drive කියන එක Download කරනවාද කියලා අහයි. කැමතිනම් ඒක Download කරලා බලන්න. වෙනක් විදිහකට මේක කරන්න පුලුවන් Download කරොත්. මේක හරියට කරලා අනිවාරයෙන් ඒක Download කරලා අලුත් දේවල් හොයාගන්න බලන්න. ඒක Download කරන්න ඕනේම නැහැ. අපි දැනට Download කරන්නේ නැතුව වැඩේ කරමු.

Go to Google Drive කියලා Button එකක් ඇති. ඒක Click කරන්න.

3. ඔයාගේ Gmail එකේ Email Address එක සහ Password එක Type කරලා ඇතුලට යන්න.

4. ආපහු Download Google Drive කියලා ඇහුවොත් Skip කරන්න.

5. මෙ වගේ Page එකකට ආවනම් ඔයා Google Drive එක ඇතුලේ ඉන්නේ. ඒකේ දකුනු පැත්තේ Create කියලා තියන Button එක Click කරලා Folder Click කරන්න. ඒකට කැමති නමක් දෙන්න. මම ඒකට mysite කියලා දානවා.





මේ වගේ Folder එක හැදෙනවා.





6. mysite කියන Folder එක Click කරලා ඇතුලට යන්න.





7. මේකේ තියනවා Drop files here කියලා.

ඔයා පාවිච්චි කරන්නේ Google Chrome නම්

අපි හැදුව index.html File එකයි pic කියන Folder එකයි මෙතෙනට ඇදලා දාන්න. ඒ File,Folder Upload වෙනවා.

ඔයා පාවිච්චි කරන්නේ Firefox නම්

මේකෙන් කෙලින්ම් Folder Upload කරන්න බැහැ. index.html File එක ඇදලා දාන්න. කලින් කරා වගේ Create කියන Button එක Click කරලා pic කියලා Folder එකක් හදන්න. pic Folder එක අස්සට ගිහින් අපිට ඕනෙ Picture එක (මගේ නම් pr.jpg) එතනට ඇදලා දාන්න.


mysite Folder එක මේ විදිහට තියෙයි.


 


pic Folder එක අස්සට ගියහම මේ වගේ pr.jpg එක තියෙයි. මේ විදිහට index.html File එකයි Picture එකයි තියනවානම් මේටික හරි.





8. mysite Folder එකට යන්න. දකුණු පැත්තේ උඩ Share Folder කියන Button එක Click කරන්න. මිනිහෙක්ගේ වගේ රූපයක් තියෙන්නේ. හොයාගන්න පුලුවන් වුනා නේද ?





9. දැන් කරන්න යන්නේ mysite කියන Folder එක Public කරන්න. ඒ කියන්නේ Folder එකට ඕනෙ කෙනෙකුට Access කරන්න පුලුවන්. එහෙම කරේ නැත්තන් අනිත් අයට මේක බලන්න බෑ. අපි Web Site එකක් හදන්නේ අනිත් අයට බලන්නනේ.

ඒ Button එක Click කරහම එන Window එකේ Who has access කියන එක යට තියන Privacy කියන එක වෙනස් කරන්න Public on the web එකට.





10. Save කරන්න. Done කරන්න.

11. දැන් මේ ටික හරියට කරන්න

mysite Folder එකට යන්න.

12. Address bar එකේ තියනවා අන්තිමට අකුරු , ඉලක්කන් ටිකක්. #folders/ කියන එකට පස්සේ තියන ටික. මේක තමයි Folder ID එක මේක Copy කරගන්න.





මෙන්න මගේ Folder ID එක 0B42Iqi19X9o0QWF6VDJJZ2lmdG8


13. පහල Link එකේ තියන විදිහට YOUR_FOLDER_ID කියන තැනට Folder ID එක දාන්න.


googledrive.com/host/YOUR_FOLDER_ID/index.html


මේක තමයි ඔයාගේ Website එකේ Address එක. Domain name එක වගේ එක.


googledrive.com/host/0B42Iqi19X9o0QWF6VDJJZ2lmdG8/index.html


දැන් වැඩේ ඉවරයි. මේ Address එකට ගිහින් බලන්න. ඔයා හදපු Web Site එක Load වෙයි.

ඔයාලගේ අදහස් තියනවානම් යටින් එකක් දාන්න. මෙහෙම එකක් ලිවුවාට පස්සේ මට ගොඩාක් වැදගත් වෙන්නේ ප්‍රතිචාර. මොනවාහරි අවුලක් තියනවානම් ඒකත් ලියන්න. ඔයා හදපු Site එකවත් Comment එකක් දාන්නකෝ. නියම Web Host post එකක් එක්ක අපි ආයේ හම්බවෙමු.

දෙවන කොටස
http://knowltofriend.blogspot.com/2014/07/webhost.html


4 comments: