HTML සහ CSS වේගයෙන් : emmet

කාලෙකට පස්සේ ආපහු ලියන්න පටන්ගත්තා. ලේසියෙන් සහ වේගයෙන් Shortcut පාවිච්චි කරලා HTML සහ CSS ලියන විදිහක් මේක. හැඳින්වීමක් ලියන්න නම් තේරන්නේ නෑ. කියවගෙන යනකොට තේරයි.



අපේ Web Site එකේ Password Protected Folder එකක් හදන්න : 4 කොටස



මේක ගැන නම් වැඩි විස්තරයක් ඕනේ නෑනේ. Protected Folder එකක් ඇතුලට අපිට ඕනෙ Files දාන්න පුලුවන්.

File ගොඩක් එකපාර Hosting Space එකට Upload කරන්න : 3 කොටස

අපි කලින් upload කරේ html page එකකුයි picture එකකුයි විතරයි. ඒකට අපි පාවිච්චි කරේ Cpanel එකේ තියන File manager එකක්. ඒකෙන් අපිට එකින් එක upload කරන්න වුනා. අපි හදලා තියන web site එකේ file 100 විතර තිබුනොත් එහෙම ඒවා වෙන වෙනම upload කරන්න වෙනවා. Folder හදන එකත් කරන්න වෙනවා. Cpanel එකේ තියන File manager එකට යන්නේවත් නැතුව අපිට ලේසියෙන්ම මේ වැඩේ කරන්න පුලුවන්.




මේ ලිපිය Web hosting ලිපි වල 3 කොටස. මුල් ඒවා අමතක නම්

Webhost කොහොමද ? : 2 කොටස
http://knowltofriend.blogspot.com/2014/07/webhost.html


1. මේකට FTP clients කියන software වර්ගය ඕනෙ වෙනවා. 000webhost කට්ටිය recommend කරලා තියෙන්නේ SmartFTP , FileZilla කියන ඒවා. තවත් ගොඩාක් software තියනවා. Search කරලා බලන්න. දැනට අපි පාවිච්චි කරන්නේ FileZilla කියන එක. මෙතනින් download කරගන්න. මේක free software එකක්.

Ubuntu වලට පසුව Window install කළපසු නැවත Ubuntu boot screen (grub) එක ලබාගැනීම


Ubuntu install කරලා තියෙද්දී Windows දැම්මහම මොන OS එක තෝරනවාද කියන Screen එක නැතුව යනවා. එතකොට කෙලින්ම Boot වෙන්නේ Windows වලින්. මේ OS select කරන Screen එකට කියන්නේ GRUB (GRand Unified Bootloader) කියලා. ඔයා Ubuntu partition වලට මොනවත් කලේ නැත්නම් Ubuntu files ටික එහෙමම තියනවා. අපිට තියෙන්නේ මෙහෙම OS එකක් තියනවා කියලා පෙන්නලා දෙන එක විතරයි

Webhost කොහොමද ? : 2 කොටස



කලින් Post එකකදී අපි Google Drive එකෙන් පුරුදු වෙන්න Web Host එකක් කරා. දැන් කරන්න යන්නේ ඇත්තම Web Host. මම මේකේ හැඳින්ව්මක් කරන්නේ නෑ. අමතක අය මේ Link එකට ගිහින් බලාගන්නකෝ.

Google drive එකෙන් Free Web Hosting : 1 කොටස

http://knowltofriend.blogspot.com/2014/07/google-drive-free-web-hosting.html


ඔන්න එහෙනම් පටන්ගත්තා........

මේකට ඕනෙ දේවල්

· පොඩි Web page එකක්. කලින් Post එකේ හැදුවා වගේ. (අමතක නම් උඩ Link එකට යන්න)

· ඉවසීම (Site එක හැදෙන්න ටික වෙලාවක් යනවා.)

· අලුත් දේවල් සෙවිමට ඇති කැමත්ත (මම කියන දේවල් ඒ විදිහටම නොකිරීම )


Google drive එකෙන් Free Web Hosting : 1 කොටස

මොකක්ද මේ Web Hosting කියන්නේ ?

ඒ කියන්නේ අපි හදන Web Site එක අනිත් අයට බලාගන්න පුලුවන් විදිහට Internet එකට දාන එක. තවත් විස්තර කරොත් අපේ Web Site එක Web Server එකකට Upload කරන එක.

දැන් අපි කරන්න යන්නේ එච්චර ලොකු වැඩක් නෙමෙයි. මේක කරන්නේ Web Host ගැන අදහසක් ගන්න විතරයි. ඒත් මේක වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගත්තොත් ලොකු දේවලුත් මේකෙන් කරන්න පුළුවන්.

 

 

මේ ක්‍රමයේ තියන වාසි / අවාසි 

 

වාසි

· මේක කරන්නේ Web Host ගැන ඉගනගන්න. ඒකට පොඩි තැනක ඉදලා පටන්ගන්න ඕනෙනේ.

· HTML, CSS, Java Script මේ ක්‍රමයෙන් Test කරන්න පුළුවන්.

· අපේ Files දාන්න ( Photoes, Zip, Audio, Video …… ) දාන්න ලොකු ඉඩක් දෙනවා. ( 15 GB විතර)

· Team එකක කට්ටියටම එකපාර එකම Web Site එක Develop කරන්න පුළුවන්.


පරිගණකයක් නොමැතිව Computer Power Supply එකක් ක්‍රියාකරවීම

Computer Power Supply එකකට නිකන් Power එක දුන්නාට ඒක වැඩ කරන්නේ නැහැ. Mother Board එකකට හයිකරපු ගමන් වැඩ කරන්න පටන් ගන්නවා. අපි කරන්න යන්නේ පරිගණකයකට සම්බන්ධ නොකර මේක වැඩකරගන්නයි. මේක Electronic ගැන දාන පළවෙනි Post එක.



ඇයි අපි මෙහෙමෙ කරන්නේ…………..

· Power Supply එක වැඩ කරනවාද කියලා පරික්ෂා කරන්න පුලුවන්

· 3.3V, 5V, 12V වගේ ඒවාගෙන් ලොකු Ampere ගානක් ගන්න පුලුවන්





· Volt ගාන හරියටම හරි.

· ලොකු Ampere ගානක් එන නිසා Car Player වගේ ඒවාට Power එක දෙන්න පුලුවන්

PicHide : පින්තුරයක් අස්සේ File එකක් හන්ගන්න



අනේ මන්දා, මට එක පාරටම මේ වහේ Software එකක් හදන්න හිතුණා.
   

මේකෙන් මේවා කරන්න පුලුවන්


  • .zip, .rar. 7z........වගේ Compressed file එකක් පින්තුරයක් අස්සට දාන්න පුලුවන්.
  • එහෙම දැම්ම පින්තූරයක් Double click කරලා open කලාම normal පින්තූරයක් open වෙන විදිහටම open වෙනවා. ඒක open වෙන්නෙත් ඔයාගේ default picture viewer එකෙන්.
  • දන්නේ නැත්නම් ලේසියෙන් file එකක් මේ පින්තුරය අස්සේ තියනවා කියලා හොයාගන්න බෑ.
  • Password එකක් දාන්නත් පුලුවන්.
  

Internet යන්න Android Phone එක Wi-Fi Router (Wi-Fi Hotspot) එකක් කරගන්න.


මේවා තමයි වාසි

  • මේ විදිහට Internet යන්න Data cable, Software ඕනෙ නෑ.
  •  Computer එකකට වැඩි ගානකින් Internet යන්න පුලුවන්.
  • Computer විතරක් නෙමෙයි, තව Smart Phone, Tablet PC වගේ ඕනෙම Wi-Fi තියන Device එකක් Connect කරන්න පුලුවන්
  •  දැන් ගොඩක් Android OS එක තියන Phone වල HSDPA Internet Speed එක 3.6Mbps , 7.2Mbps විතර තියනවා. මේ විදිහට ඒකක් Connect කරොත් HSDPA Dongle එකකින් Internet යනවා වගේ.

මේවා තියෙන්න ඕනේ

  •  ඔයාගේ Computer එකේ Wi-Fi Card එකක්. Laptop වල නම් තියනවා. Desktop එකකට මේ වැඩේ කරනවානම් External Wi-Fi Card එකක් හයිකරගන වෙනවා. External Wi-Fi Card එකක් Ebay එකෙන් Rs 500 කට විතර ගන්න පුලුවන්
  •  Phone එකේ 3G, HSDPA, 4G තිබ්බොත් හොඳයි, නැත්තන් Internet හරිම Slow
  •  Phone එකේ Internet Settings හරියට තියෙන්න ඕනේ. ඒ කියන්නෙ Phone එකෙන් Internet යන්න පුලුවන් වෙන්න ඕනේ.

එහෙනම් පටන්ගමු


Menu එකට ගිහින් Settings තෝරන්න 


Pen Drive එකකින් ඕනෙම Operating System එකක් Install කරන්න


මෙච්චර කාලයක් CD/DVD වලින් OS (Windows 7/ Windows 8 / Ubuntu /Fedora……..) දැම්මනේ. ඒකේ තියන සමහර දුර්වලතා නිසා අපි වෙන වෙන විදිහවල් හොයාගෙන තියනවා.

CD/DVD Mechanical Devices (ඒ කිව්වේ ඒවාගේ කැරකෙන කෑලි,එහාට මෙහාට යන කෑලි වගේ ඒවා තියනවා) නිසා ඒවා හරිම Slow. PenDrive වල තියෙන්නේ Microchip නිසා ඒවාගේ Speed එක වැඩියි. මේක තමයි තියන ලොකුම වාසිය.

Ubuntu වලට අමුතු Gadjet දාගන්න : Conky


     මෙන්න මේ වගේ ඒවා අපිට දාගන්න පුලුවන් .

කොහොමද ඒක වැඩ කරන්නේ : Gun

හැමදාම Computer ගැනම දාලා එපාවෙලා තියෙන්නේ. පොඩි වෙනස් දෙයක් දැම්මා. කොකාව Click කරගෙන ඉන්න

Internet connection දෙකකින් (හෝ වැඩි) High Speed Internet යන්න.

ඔයාගේ ලඟ SLT connection එකකුයි HSDPA Dongal එකකුයි තියනවා කියලා හිතමුකෝ. අපිට දැන් පුලුවන් මේ Connection දෙකෙන්ම Internet යන්න. එතකොට ඉතින් වෙනදේ කියන්න ඕනෙ නෑනේ. Speed දෙකම එකතු වෙනවා. එතකොට ඉතින් පට්ට Speed. ඒත් විශ්වාස කරන්න බැරිනම් පහල දාලා
තියන ඒවා ටික බලන්නකෝ.

 

සැමටම සුබ නව වසරක් වේවා..........