Wi-Fi router එකේ නම පිටතට නොපෙනෙන සේ සැඟවීම: Stop SSID Broadcast

අපි මේකයි කරන්න යන්නේ


ඔයාගේ ගෙදර WiFi router (ගොඩාක් වෙලාවට telecom එකෙන් දෙන එක. Peo TV එකත් මේකෙන්ම වැඩ කරනවා) එකක් හෝ Access point එකක් තියනවානම් ඒකෙන් පෙන්නන නම (ඒකට කියන්නෙ SSID කියලා. (Service set identifier)) හැමෝටම පේනවා.

ඕනෙ කෙනෙක් phone එකේ තියන WiFi on කලොත් ගෙදර WiFi තියනවාද කියලා බලාගන්න පුලුවන්.

අපි කරන්නේ මේ හැම තැනටම පේන SSID එක hide කරන එක.






ඇයි එහෙම SSID එක hide කරන්නේ.


ආරක්ෂාකාරී බව වැඩිවේ. (100% කිසිවක් කවදාවත් ආරක්ශා කල නොහැක. අපට කල හැක්කේ ආරක්ෂාකාරී බව වැඩි කිරීම පමණි)

ගෙදරට කවුරුහරි ඇවිල්ල internet යන්න ඕනේ කිව්වොත් WiFi password එක දීලත් බැ දෙන්නේ නැතුවත් බෑ.

අවාසිත් තියනවා


සම්හර Devices වලට මේ hide කරපු Wi-Fi network එකට connect වෙන්න බැරි වෙයි. මේක කලාතුරකින් වෙන දෙයක්.


*********** මේක වැරදියට කරලා මොනවාහරි උනොත් මම ඒකේ වගකීම බාරගන්නේ නෑ. අවුලක් වුනොත් Telicom එකට call එකක් ගන්න ***********


වැඩේ පටන්ගමු

මම මේතනදී කියලා දෙන්නේ මේ දවස් වල Telecom එකෙන් දෙන Prolink router එකෙන් settings හදන්නේ කොහොමද කියලා. අනිත් වර්ග වල router ත් ඒ වගේ තමයි. සාමාන්‍ය දැනීම පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ .


1. ඉස්සල්ලාම කරන්න ඕනේ router එක අස්සට රිංගන එක. Router එකේ තියන configuration වෙනස් කරන්න තැනක් තියනවා. ඒක ගොඩාක් වෙලාවට web interface එකක්. ඒ කියන්නේ router එකේ තියන මොනවා හරි වෙනස් කරන්න ඕනේ නම් අපිට web browser එකක් පාවිච්චි කරන්න වෙනවා.


සාමාන්‍ය Router එකකට log වෙන ක්‍රම 2 තියනවා.

1. WiFi

2. Cable


මේ විදිහට රිංගන්න හදනකොට අපෙන් username සහ password ටිකක් අහනවා.



1. WiFi හරහා Router එකට connect වෙනකොට

ඔයාගේ සාමාන්‍ය WiFi password එක ඕනේ.


හෝ


2. Cable හරහා connect වෙනකොට

මෙතනදී මේ පියවරේදී මොනවත් ඕනෙ නෑ. නිකන් Network cable එක computer එකට සවි කරන්න.



1 හෝ 2 පියවර සම්පුර්ණ කලාට පසුව අපිට Router එකේ settings හදන්න තියන තැනට යන්න ඕනෙ. ඒකට Router එකේ default IP address එක හොයගන්න ඔනේ. ඒක ඔයාගෙ Router එකේ catalog එකේ තියනවා. Router එකේ පිටිපස්සෙත් ගහලා තියනවා. නැතිනම් search කරලා බලන්න.

ඒක 192.168.1.1  වගේ address එකක්


Router එකේ default IP address එක හොයගත්තාට පසුව ඒ address ඒක web browser එකේ type කරලා enter කරන්න.

නැවත් අපෙන් අහනවා username සහ password එකක්.



මේක වෙනස් කරලා නැත්නම් default password එක තියෙන්නේ. ඒක ඔයාගෙ Router එකේ catalog එකේ තියනවා.  Router එකේ පිටිපස්සෙත් ගහලා තියනවා. නැතිනම් search කරලා බලන්න.

ගොඩක් වෙලාවට

Username: admin             Password:admin

Username:admin              Password:password

Username:admin              Password:<blank. no password>


දැන් Router එකට log වෙලා ඇති කියලා හිතනවා. මේ වගේ page එකකට එන්න ඕනේ.




දැන් අපි කලින් තිබුන SSID එකයි password එකයි වෙනස් කරනවා. ඒ වැඩි ආරක්ශාවට. වෙනස්කලේ නැතත් ප්‍රශ්නයක් නෑ.



SSID එක වෙනස් කරන්න Setup -> WLAN -> Basic -> SSID.    අලුත් SSID එකක් දාලා Apply කරන්න





WiFi password එක වෙනස් කරන්න Setup->WLAN->Security->Pre-Shared Key

මේකට letters, symbols and numbers තියන characters 7 කට වැඩි එකක් දාන්න,





දැන් SSID එක හැමෝටම පෙන්නන එක නවත්තමු.

Setup->WLAN->Advanced->Broadcast SSID එක Disable කරන්න




සමහරවිට මේවා කරනකොට Router එක restart වෙයි. දැන් ඔයාගේ WiFi network එක වෙනදා විදිහට හැමෝටම පේන්නේ නෑ.













Hide කරපු WiFi network එකට connect වෙන්නේ මෙහෙමයි

Windows වලින් 1 ක්‍රමය


Start bar එකේ තියන network icon එක right click කරන්න.





Open Network and Sharing Center -> Setup new connection or network  -> manually connect to a wireless network

Network name එකට ඔයාගේ SSID එක දෙන්න

Security type එකට WPA2-Personal දෙන්න. ගොඩක් වෙලාවට මේක තමයි තියෙන්නේ. මොකක්ද Security type එක කියලා බලාගන්න Router එකේ Setup->WLAN->Security වලට යන්න. එතන තියන Encryption හා WPA authentication mode එකෙන් සොයාගන්න.

Windows වලින් 2 ක්‍රමය


Start bar එකේ තියන network icon එක left click කරන්න.





Other network හෝ Hidden network click කරන්න. SSID , WIFI password සහ Security type එක ලබා දෙන්න

Android phone වලින්


Wifi වලට යන්න. Add wifi network හෝ + ලකුන select (touch) කරන්න. SSID , WIFI password සහ Security type එක ලබා දෙන්න










වැඩේ ඉවරායි……………………………………… thanks

No comments:

Post a Comment