Pen Drive එකකින් ඕනෙම Operating System එකක් Install කරන්න


මෙච්චර කාලයක් CD/DVD වලින් OS (Windows 7/ Windows 8 / Ubuntu /Fedora……..) දැම්මනේ. ඒකේ තියන සමහර දුර්වලතා නිසා අපි වෙන වෙන විදිහවල් හොයාගෙන තියනවා.

CD/DVD Mechanical Devices (ඒ කිව්වේ ඒවාගේ කැරකෙන කෑලි,එහාට මෙහාට යන කෑලි වගේ ඒවා තියනවා) නිසා ඒවා හරිම Slow. PenDrive වල තියෙන්නේ Microchip නිසා ඒවාගේ Speed එක වැඩියි. මේක තමයි තියන ලොකුම වාසිය.


CD/DVD එකක් හීරිලා තිබ්බොත් බාගයක් දාගෙන යනකොට Error එකක් එනවා OS එක දාන්න බෑ කියලා. එතකොට ඉතින් ඔක්කොම ඉවරයි. ආපහු අලුත් CD/DVD එකක් හොයාගෙන එනකන් මොනවත් කරන්න බෑ. අපි Pen Drive එකෙන් Boot කරනකොට පාවිච්කරන්නේ Images කියලා වර්ගයක්.ඒකෙන් හීරිලා නතර වෙන එක අවම කරගන්න පුලුවන්.


මොනවාද මේ Images කියනේ ?

මේවා පින්තූර නෙමෙයි. මේක අපි කලින් පාවිච්චි කරපු CD/DVD වල තියන OS එකෙන් ගත්ත Copy එකක් වගේ එකක්. OS එකක් තියන CD/DVD වලින් Files ටික Copy කරලා අරගත්තට තව Bootable CD/DVD එකක් හදන්න බෑ. ඒක නිසා අපි මේ Images ක්‍රමය පාවිච්චි කරවා. මේක නිකන් File එකක් (.iso fles වගේ ඒවා. Ubuntu image එකක් 700MB, Windows 7 image එකක් 4GB විතර වෙනවා)

මේ Image Files අපිට Download කරගන්න පුලුවන්. Ubuntu/Fedora වල Image Files ඒගොල්ලන්ගේ Site වල Download Page එකට ගිහින් Free Download කරගන්න පුලුවන්. Windows Images ත් Torrent Sites වලින් Download කරන්න පුලුවන්. අපි ඒ වගේ හොර වැඩ කරන්නේ නෑනේ :-) හොඳම වැඩේ තමයි කාගෙන්හරි මේ Image එක ඉල්ලගන්න. ගොඩාක් වෙලාවට මේ File එක .iso විදිහට එන්නේ. (Apple Mac එහෙම දානවානම් මේ විදිහට කරන්න බෑ. ඒක කරන්න වෙනම Software තියනවා)

එහෙනම් දැන්වත් වැඩේ පටන්ගමුද? 

 1)  මේ වැඩේ කරන්න අපිට පොඩි Software එකක් ඕනෙ. පහල Link එකට ගිහිල්ලා ඒක Download කරගන්න. බයවෙන්න එපා ඒක පොඩි එකක්. 1.5MB විතර. Software එකේ නම YUMI

http://www.pendrivelinux.com/yumi-multiboot-usb-creator/

Download කරගත්ත Software එක run කරන්න.


2)  I Agree Click කරන්න.



3)  මෙතනින් ඔයාගේ Pen Drive එක තෝරන්න



4)  Install කරන්න ඔනෙ OS එක මෙතනින් තෝරන්න. OS විතරක් නෙමෙයි තව ගොඩාක් ඒවා මෙතන තියනවා. කියවලා බලන්න.



5)  Browse Click කරලා Image File එක Select කරන්න.



මගෙ Ubuntu image Files තම්යි මේ තියෙන්න්. මේවාගෙන් එකක් තමයි අපිට ඕනේ.



6)  ඊට පස්සේ මේ වගේ Image එක Select වෙලා තියෙයි. පහල Step 4 කියලා තියන එකට මොනවත් කරන්න එපා. ඒක තියන විදිහටම තියන්න.

Create Click කරන්න.



7)  මේ වගේ Window එකක් එයි. Yes Click කරන්න. හැම එකටම Yes Click කරනේ නැතුව කම්මැලි නැතුව උඩ ලියලා තියන එක කියවලා බලන්න.



දැන් Pen Drive එකට Files Copy වෙනවා. ඉවරවෙනකම් ඉන්න.



8)  ඉවර වුනාම Next Click කරන්න.



ඉවර වුනාම මේ වගේ Window එකක් එයි. ඒකෙන් අහන්නේ අපි තව OS මේ Pen Drive එකට Install කරනවාද කියලා. එකක් විතරක් නෙමෙයි OS ඕනෙ ගානක් Pen Drive එකට දාන්න පුලුවන්. ආයේ එකක් දාන්නේ නැති නිසා දැනට No Click කරන්න.



Finish කරන්න. වැඩේ ඉවරයි.



මේ වගේ Files ටිකක් ඔයාගේ Pen Drive එකේ හැදිලා තියෙයි.



CD/DVD වලින් Boot කරන විහිහට දැන් Pen Drive එකෙන් Boot කරන්න පුලුවන්. Boot කරනකොට මේ වගේ Screen එකක් එයි.



තව පොඩී දෙයක් කියන්න තියනවා. කියන්න දේකුත් නෑ කියෙව්වහම තෙරෙනවා. මෙතන තියන පලවෙනි එකට හරියක් දැම්මහම තියන OS, Pen Drive එකෙන් අයින් කරන්න පුලුවන්. දෙවනි එකෙන් කියන්නේ Pen Drive එක Bootable විදිහට හදන්න කලින් Format කරනවාද කියිලා. කැමති විදිහට මේවා පාවිච්චි කරන්න.




මේක ගැන ඔයාලාගෙ Comments යටින් ලියලා යන්න. වැඩේ හොදනම් like එකකුත් දාන්නකෝ. Thank You

No comments:

Post a Comment