Ubuntu boot menu (GRUB) එකේ Boot Order එක වෙනස් කරන්න




දැන් අපේ කට්ටිය Ubuntu දාන්න පටන් අරන්නේ. තවම අපිට ඒකේ ඉගනගන්න ගොඩාක් දේවල් තියනවා. Ubuntu යි Windows යි දාලා තියන අයට තියන ගැටලුවක් තමයි මේ Computer එක On වෙනකොටම එන OS Select කරන්න එන Menu එක. මේකට කියන්නේ GRUB (GRand Unified Bootloader). මුලින්ම Select වෙලා තියෙන්නේ Ubuntu. තත්පර 10 කින් මේ පලවෙනියටම තියන Ubuntu වලින් Boot වෙන්න පටන් ගන්නවා. හැමදාම Ubuntu පාවිච්චි කරන , Windows නිකන් Test කරන්න දාගෙන ඉන්න අයටනම් මේක හොඳයි. ඒත් ඔයාගෙ Primary OS එක Windows නම් මේක මහ වදයක්. අපි බලමු කොහොමද Windows පලවෙනියට දාගන්නෙ කියලා.


1. Grub Customizer කියන එක Install කරගන්න ඕනේ. මේකට Internet ඕනෙ.

2. Terminal එක Open කරලා (Shortcut: Alt+Ctrl+T), පහල තියන Command එකින් එක Type කරලා        Enter කරන්න. 
 

sudo add-apt-repository ppa:danielrichter2007/grub-customizer
sudo apt-get update
sudo apt-get install grub-customizer
 
 

 

3.  Grub කියලා Search කරන්න. Grub Customizer කියන එක Click කරන්න.

4. Password එක දෙන්න.


5. මේ වගේ Window එකක් එයි. මේකත් එක්ක ටිකක් පරිස්සමෙන් වැඩ කරන්න. යටම තියන Windows කියන එක Select කරන්න.
   

6   6.  උඩ තියන ඊතල වලින් Windows කියන එක Ubuntu කියන එකට වඩා උඩට අරගෙන යන්න.


  
 7.  Save කරන්න. වැඩේ ඉවරයි. Restart කරලා බලන්න.

අදහස් , වැරදි , අඩුපාඩු එහෙම තියනවානම් යටින් ලියලා යන්නකෝ. 

1 comment: