Arduino සිංහලෙන් : 1 කොටස


මොකක්ද මේ Arduino:



· Computer කිව්වොත් අපි ගොඩාක් පාවිච්චි කරන්නේ Software. මේකෙන් පුලුවන් භෞතික දේවල් (hardware) එක්ක ලේසියෙන් වැඩ කරන්න.

· Open source platform එකක් මත පදනම් වුන Microcontroller board එකක්.

· Arduino board එක ලේසියෙන් program කරන්න පුලුවන්.

· සරලව කිව්වොත් අපිට bulb එකක් පත්තු කරන්න පුළුවන් computer program එකකින්. මේක දියුණු කරලා bulb එකක් වෙනුවට motor එකක් හයිකරනවා. ඒකට tire එකක් හයිකරනවා. මෙහෙම දියුණු කරලා robo සෑදිම පටන්ගන්න පුළුවන්.

මේක කරගෙන යනකොට හරිම ආසා හිතෙන විෂයක්.

මේ වගේ නියම project ටිකක් මම internet එකෙන් හොයාගත්තා.









මේ ලිපියෙන්

  • අවශ්‍ය උපකරණ ගැන කියලා දෙනවා
  • Board වර්ග ගැන කියලා දෙනවා.
  • Board එක install කරන හැටි කියලා දෙනවා.
  • Board එක සහ අමතර උපකරණ ගැන කියලා දෙනවා (ebay).
  • තියන Program එකක් edit කරලා board එක වැඩ කරනවාද කියලා බලනවා විතරයි.
  • Programming ගැන විස්තර කරන්නේ නෑ.
  • Board එකේ කොටස් ගැන විස්තර කරන්නේ නෑ.
( මේ අතහැරිය කොටස් ඔක්කොම ඊලඟ ලිපි වලින් කියලා දෙනවා.)

දැනගතයුතු දේවල්


C programming language එක පිළිබඳව මූලික දැනීම.

මූලික Electronic දැනීම.


Board වර්ග:


ප්‍රසිද්ධ Board වර්ග 2 තියනවා.


Arduino Uno (R3)

20 input output pins

32 kb flash memory




මේක තමයි අපි පාවිච්චි කරන්නේ. මේකේ ගානත් අඩුයි. පටන්ගන්න අයට මේක හොඳයි.


Arduino Mega (R3)

70 input output pins

128 kb flash memory




තව වෙනස්කම් ගොඩාක් තියනවා. දැනට මේ ටික ඇති.

Input output pins – අපි ලඟ LED bulb තියනවා. ඒ ටිකෙන් නිවි නිවී පත්තු වෙන රටාවක් හදන්න ඕනේ. Uno එකේ 20 කියලා තියෙන්නේ මේකට කෙලින්ම හයිකරන්න පුලුවන් LED 20 ක් විතරයි. කලු පාටට හිල් වගේ තියෙන්නේ මේවා. පින්තූර දෙක බලන්න. වෙනස තේරෙයි.

Flash memory - කලින් කියපු නිවි නිවී පත්තු වෙන රටාව හදන්න අපි code එකක් ලියන්න ඕනේ. මේ Code එක ලියන්න පුලුවන් උපරිම size එක.

තවත් වර්ග ටිකක් තියනවා.



Lilypad Arduino


මේක නමන්න පුලුවන්. ඇදුම් එක්ක වැඩ කරනවානම් මේක හොදයි.








Arduino Nano



නමෙන්ම කියන විදිහට මේක පොඩියි.



උපකරණ



Arduino Uno


මේක නම් ඉතින් ඕනෙමයි.



ගාන : 6.56 USD (රුපියල් 880)

Ebay link: http://www.ebay.com/itm/281399903526?_trksid=p2059210.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT


Breadboard

මේක ඕනෙම නෑ. තිබ්බොත් හොඳයි.




ගාන : 0.85 USD (රුපියල් 150)

Ebay link: http://www.ebay.com/itm/181130294542?_trksid=p2059210.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT


Breadboard Jumper Cable


Breadboard එකක් ගන්නවානම් මේවා ඕනේ.



ගාන : 1.67 USD (රුපියල් 225)

Ebay link:http://www.ebay.com/itm/65Pcs-Male-to-Male-Solderless-Flexible-Breadboard-Jumper-Cable-Wires-For-Arduino-/111355747043?pt=LH_DefaultDomain_0&hash=item19ed51dae3

මේ පින්තූරය බලන්න. එතකොට තේරෙයි මේවාගෙන් මොනවාද වෙන්නේ කියලා.




Board (Driver) එක install කිරීම.


1. මේ link එකට ගිහින් Arduino IDE එක Download කරන්න.

http://arduino.cc/en/Main/Software

2. Install කරන්න.

3. USB cable එක මගින් Arduino board එක පරිගනකයට සවිකරන්න.




රතු පාට LED එකකුයි කොල පාට LED එකකුයි පත්තු වෙයි. (ගොඩක් වෙලාවට කොල පාට LED එක නිවි නිවී පත්තු වෙයි. කොල පාට එක තප්පරයක් පත්තුවෙලා තියනවා තප්පරයක් නිමිල තියනවා.)


Driver install කිරීම


Arduino board එක පරිගනකයට සවිකලාට Drivers install කරන්න බෑ කියලා message එකක් එනවා.





4. My computer right click කරලා manage click කරන්න.

5. Device Manager වලට යන්න.

6. Ports (COM & LPT) වල Arduino UNO හෝ

Other Devices වල Unknown Device කියලා තියනවානම් ඒක right click කරන්න.



7. Update driver software click කරන්න.

8. Browse my computer for Driver software click කරන්න.





2 කොටසේදී install කල IDE එක install වුන තැන තියන Drivers folder එක තෝරන්න.

උදා :  C:\Program Files (x86)\Arduino\drivers

මෙහෙම කලාම install වෙන්න ඕනේ. ඒත් වැඩේ හරිගියේ නැත්නම් පහල එකත් කරලා බලන්න.
  •  Internet connect කරන්න.
  • 4 , 5 , 6 , 7 පියවර නැවත කරන්න.
  • Search automatically for updated delver software click කරන්න.
ඉවර වෙනකම් ටික වෙලාවක් ඉන්න. දැන් හරියන්න ඕනේ.

හරියට install වුනානම් මේ වගේ port එකක් පෙන්නන ඕනේ. මගේ තියෙන්නේ COM57 කියන එක.


 


මේකේ install වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ coding වැඩේ. මේ ලිපියේදී coding ගැන, function ගැන විස්තරයක් කරන්නේ නෑ. තියන එකක් වෙනස් කරලා මේක හරියට වැඩ කරනවාද කියලා විතරයි බලන්නේ.


1. පලමු කොටසේදී install කරපු Arduino IDE එකේ shortcut එකක් desktop එකේ ඇති. ඒක click කරන්න. මේ වගේ window එකක් එනවා.





2. Tools-->Serial Port වලින් Arduino එක තියන COM Port එක තෝරන්න ( කලින් හොයාගත්තේ, මගේ නම් COM57)





3. Tools-->Board වලින් ඔයාගේ board වර්ගය තෝරන්න. මගේ නම් Arduino Uno




4. File-->Examples-->01.BasicsàBlink       Select කරන්න.





5. දැන් Code එකක් එනවා. මේ Code එක මම පස්සේ තේරුම් කරලා දෙන්නම්. දැනට අපි මේක වෙනස් කරමු.

පලවෙනි delay(1000); කියන එක delay(3000); කියලා වෙනස් කරන්න.

දෙවෙනි delay(1000); කියන එක delay(500); කියලා වෙනස් කරන්න.

ඒ කියන්නේ මේ වගේ





මේකෙන් වෙන්නේ

ඔයාගේ Arduino එකේ පොඩි LED bulb එකක් තියනවා.

ඒක තප්පර 3 ක් පත්තුවෙලා තියනවා, තප්පර භාගයක් නිමිලා තියනවා.

මතකයිනේ , තාම මේක වැඩ කරනවාද කියලා බලනවා විතරයි. වැඩි විස්තර පස්සේ.

6. Upload button එක click කරන්න.




දැන් බලන් ඉන්න තමයි තියෙන්නේ.








මේක ඉවර වුනාම Done uploading කියලා වැටෙනවා. දැන් Arduino එකේ තියන LED එක බලන්න. තප්පර 3 ක් පත්තු වෙනවා, තප්පර භාගයක් නිමිලා තියනවා.

තව කොටසකින් හමුවෙමු............

9 comments:

  1. නියමයි මචං, රොබෝ ටික්කෙක් හදමු.

    ReplyDelete
  2. එල එල දිගටම හොදට කරගෙන යන්න

    ReplyDelete
  3. Excellent explanation.Go ahead

    ReplyDelete
  4. අලුත් පොස්ට් පරන පොස්ට් වල ලින්ක් ටිකත් දාන්ඩෝ

    නියමයි

    මේ ගැන මම follow කරලම නැ

    කරනන් දැන්
    ගොඩක් පින්

    තව තව අලුත් දෙවල් කියා දෙන්න ශක්තිය ලැබෙවා

    ReplyDelete
  5. නියමයි මාත් ඉගෙන ගන්න ආසයි ස්තුති ඔයාට

    ReplyDelete
  6. නියමයි...නියමයි...ඔබට බොහොම ස්තුතියි
    මේවා මිලදී ගන්ඩ තැනක් කියන්නකෝ

    ReplyDelete