File ගොඩක් එකපාර Hosting Space එකට Upload කරන්න : 3 කොටස

අපි කලින් upload කරේ html page එකකුයි picture එකකුයි විතරයි. ඒකට අපි පාවිච්චි කරේ Cpanel එකේ තියන File manager එකක්. ඒකෙන් අපිට එකින් එක upload කරන්න වුනා. අපි හදලා තියන web site එකේ file 100 විතර තිබුනොත් එහෙම ඒවා වෙන වෙනම upload කරන්න වෙනවා. Folder හදන එකත් කරන්න වෙනවා. Cpanel එකේ තියන File manager එකට යන්නේවත් නැතුව අපිට ලේසියෙන්ම මේ වැඩේ කරන්න පුලුවන්.




මේ ලිපිය Web hosting ලිපි වල 3 කොටස. මුල් ඒවා අමතක නම්

Webhost කොහොමද ? : 2 කොටස
http://knowltofriend.blogspot.com/2014/07/webhost.html


1. මේකට FTP clients කියන software වර්ගය ඕනෙ වෙනවා. 000webhost කට්ටිය recommend කරලා තියෙන්නේ SmartFTP , FileZilla කියන ඒවා. තවත් ගොඩාක් software තියනවා. Search කරලා බලන්න. දැනට අපි පාවිච්චි කරන්නේ FileZilla කියන එක. මෙතනින් download කරගන්න. මේක free software එකක්.




FileZilla Download


2. ඔයාගේ hosting account එකට යන්න.


3. Cpanel එකට යන්න.


4. ඒකේ තියන View FTP Details එකට යන්න.



5. මේ වගේ page එකකට එනවා.



                උඩින්ම knowl.net16.net කියලා තියෙන්නේ මගේ site එක.

                FTP host name කියලා තියෙන්නෙත් මගේ site එක.

                FTP user name ඔයාගේ FTP account එකේ user name එක.

                Change account password එකට ගිහින් අලුත් Password එකක් දාන්න. මේක ඔයාගේ hosting  account එකට log වෙන password එක නෙමෙයි. වෙන එකක් දාන්න.

                 මෙතනින් අපිට

                          FTP host name

                          FTP user name

                          FTP password

                 ඕනෙ වෙනවා.


6. Install කරගත්ත FileZilla Client software එක open කරන්න. ඒකේ උඩ මේ වගේ text boxes ටිකක් තියනවා.




        කලින් (5 පියවර) හොයාගත්ත

                 FTP host name කියන එක Host: කියන තැනට paste කරන්න.
 
                 FTP user name කියන එක Username: කියන තැනට paste කරන්න.

                 Password එක මෙතන type කරන්න.

                 Port කියන එකේ මොනවත් type කරන්න එපා.

                 Quickconnect click කරන්න.


7. හරියට connect වුනාද කියලා 5 කොටුවෙන් දැනගන්න පුලුවන්.

     ඔයාගේ Web site එකේ files තියන තැන 1 කොටුවෙන් තෝරන්න. මගේ එක තියෙන්නේ Desktop එකේ my website කියන folder එකේ.

     ඒ විදියට Web site එක තියන folder එක select කලාම 2 කොටුවේ පෙන්නනවා ඒක ඇතුලේ තියන File/Folders. මගේ තියෙන්නේ index.html file එකයි pic folder එක ඇතුලේ පින්තූරයකුයි විතරයි.

     3 කොටුවේ public_html කියලා තියන folder එක ඇතුලට යන්න. ඒ Folder එක අස්සේ තියන Files/Folders 4 කොටුවෙන් පෙන්නනවා.




8. දැන් 2 කොටුවේ තියන අපිට upload කරන්න ඔනෙ ඒවා 4 කොටුවට ඇදලා දාන්න.


වැඩේ ඉවරයි . ඔයාගේ Site එකට ගිහින් බලන්න.



ඔයාගේ අදහස් තියනවානම් යටින් ලියලා යන්න. ස්තූතියි.

2 comments: