Ubuntu වලට පසුව Window install කළපසු නැවත Ubuntu boot screen (grub) එක ලබාගැනීම


Ubuntu install කරලා තියෙද්දී Windows දැම්මහම මොන OS එක තෝරනවාද කියන Screen එක නැතුව යනවා. එතකොට කෙලින්ම Boot වෙන්නේ Windows වලින්. මේ OS select කරන Screen එකට කියන්නේ GRUB (GRand Unified Bootloader) කියලා. ඔයා Ubuntu partition වලට මොනවත් කලේ නැත්නම් Ubuntu files ටික එහෙමම තියනවා. අපිට තියෙන්නේ මෙහෙම OS එකක් තියනවා කියලා පෙන්නලා දෙන එක විතරයි


1. මේකට ඕනේ Ubuntu live boot කරන්න පුලුවන් ක්‍රමයක්.

            a. Ubuntu image එකකින් Write කරගත්ත DVD එකක් හෝ

            b. Ubuntu image එකකින් Bootable විදිහට හදාගත්ත Pen drive එකක්.

 මේක හදන හැටි මතක නැත්නම් මේ Link එකට ගිහින් බලන්න.

http://knowltofriend.blogspot.com/2014/03/pen-drive-operating-system-install.html

කැමති ක්‍රමයකින් Boot කරගන්න.

2. Boot-Repair කියන Software එක Install කරගන්න ඕනේ. මේ Command ටික Terminal එකේ Type කරන්න.


sudo add-apt-repository ppa:yannubuntu/boot-repair

sudo sed 's/trusty/saucy/g' -i /etc/apt/sources.list.d/yannubuntu-boot-repair-trusty.list

sudo apt-get update

sudo apt-get install -y boot-repair && (boot-repair &)

3. Search කරලා මේ Software එක Run කරන්න.

4. මේ වගේ Window එකක් එයි. මේකේ කරන්න තියෙන්නේ Recommended repair කියන button එක Click කරන එක විතරයි.



කැමති අය Advanced option වලටත් යන්නකෝ. වැඩේ ඉවරයි කියලා Message box එකක් එයි. එතකොට Computer එක Restart කරන්න.

පොඩි Post එකකුත් ලිව්ව එහෙනම්. ඔයාගේ අදහස් තියනවානම් යටින් ලියලා යන්න.

2 comments: