HTML සහ CSS වේගයෙන් : emmet

කාලෙකට පස්සේ ආපහු ලියන්න පටන්ගත්තා. ලේසියෙන් සහ වේගයෙන් Shortcut පාවිච්චි කරලා HTML සහ CSS ලියන විදිහක් මේක. හැඳින්වීමක් ලියන්න නම් තේරන්නේ නෑ. කියවගෙන යනකොට තේරයි.



අපේ Web Site එකේ Password Protected Folder එකක් හදන්න : 4 කොටස



මේක ගැන නම් වැඩි විස්තරයක් ඕනේ නෑනේ. Protected Folder එකක් ඇතුලට අපිට ඕනෙ Files දාන්න පුලුවන්.

File ගොඩක් එකපාර Hosting Space එකට Upload කරන්න : 3 කොටස

අපි කලින් upload කරේ html page එකකුයි picture එකකුයි විතරයි. ඒකට අපි පාවිච්චි කරේ Cpanel එකේ තියන File manager එකක්. ඒකෙන් අපිට එකින් එක upload කරන්න වුනා. අපි හදලා තියන web site එකේ file 100 විතර තිබුනොත් එහෙම ඒවා වෙන වෙනම upload කරන්න වෙනවා. Folder හදන එකත් කරන්න වෙනවා. Cpanel එකේ තියන File manager එකට යන්නේවත් නැතුව අපිට ලේසියෙන්ම මේ වැඩේ කරන්න පුලුවන්.




මේ ලිපිය Web hosting ලිපි වල 3 කොටස. මුල් ඒවා අමතක නම්

Webhost කොහොමද ? : 2 කොටස
http://knowltofriend.blogspot.com/2014/07/webhost.html


1. මේකට FTP clients කියන software වර්ගය ඕනෙ වෙනවා. 000webhost කට්ටිය recommend කරලා තියෙන්නේ SmartFTP , FileZilla කියන ඒවා. තවත් ගොඩාක් software තියනවා. Search කරලා බලන්න. දැනට අපි පාවිච්චි කරන්නේ FileZilla කියන එක. මෙතනින් download කරගන්න. මේක free software එකක්.

Ubuntu වලට පසුව Window install කළපසු නැවත Ubuntu boot screen (grub) එක ලබාගැනීම


Ubuntu install කරලා තියෙද්දී Windows දැම්මහම මොන OS එක තෝරනවාද කියන Screen එක නැතුව යනවා. එතකොට කෙලින්ම Boot වෙන්නේ Windows වලින්. මේ OS select කරන Screen එකට කියන්නේ GRUB (GRand Unified Bootloader) කියලා. ඔයා Ubuntu partition වලට මොනවත් කලේ නැත්නම් Ubuntu files ටික එහෙමම තියනවා. අපිට තියෙන්නේ මෙහෙම OS එකක් තියනවා කියලා පෙන්නලා දෙන එක විතරයි

Webhost කොහොමද ? : 2 කොටස



කලින් Post එකකදී අපි Google Drive එකෙන් පුරුදු වෙන්න Web Host එකක් කරා. දැන් කරන්න යන්නේ ඇත්තම Web Host. මම මේකේ හැඳින්ව්මක් කරන්නේ නෑ. අමතක අය මේ Link එකට ගිහින් බලාගන්නකෝ.

Google drive එකෙන් Free Web Hosting : 1 කොටස

http://knowltofriend.blogspot.com/2014/07/google-drive-free-web-hosting.html


ඔන්න එහෙනම් පටන්ගත්තා........

මේකට ඕනෙ දේවල්

· පොඩි Web page එකක්. කලින් Post එකේ හැදුවා වගේ. (අමතක නම් උඩ Link එකට යන්න)

· ඉවසීම (Site එක හැදෙන්න ටික වෙලාවක් යනවා.)

· අලුත් දේවල් සෙවිමට ඇති කැමත්ත (මම කියන දේවල් ඒ විදිහටම නොකිරීම )


Google drive එකෙන් Free Web Hosting : 1 කොටස

මොකක්ද මේ Web Hosting කියන්නේ ?

ඒ කියන්නේ අපි හදන Web Site එක අනිත් අයට බලාගන්න පුලුවන් විදිහට Internet එකට දාන එක. තවත් විස්තර කරොත් අපේ Web Site එක Web Server එකකට Upload කරන එක.

දැන් අපි කරන්න යන්නේ එච්චර ලොකු වැඩක් නෙමෙයි. මේක කරන්නේ Web Host ගැන අදහසක් ගන්න විතරයි. ඒත් මේක වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගත්තොත් ලොකු දේවලුත් මේකෙන් කරන්න පුළුවන්.

 

 

මේ ක්‍රමයේ තියන වාසි / අවාසි 

 

වාසි

· මේක කරන්නේ Web Host ගැන ඉගනගන්න. ඒකට පොඩි තැනක ඉදලා පටන්ගන්න ඕනෙනේ.

· HTML, CSS, Java Script මේ ක්‍රමයෙන් Test කරන්න පුළුවන්.

· අපේ Files දාන්න ( Photoes, Zip, Audio, Video …… ) දාන්න ලොකු ඉඩක් දෙනවා. ( 15 GB විතර)

· Team එකක කට්ටියටම එකපාර එකම Web Site එක Develop කරන්න පුළුවන්.